මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ බුත්තල කොට්ඪාසයට අයත් පාසලක් වන මො/රන්ජන් විජේරත්න මහා විදුහල 1987.01.15 වන දින පැල්වත්ත සීනි සමාගමට අයත් ඉඩමක ආරම්භ කර ඇත. එහි ආරම්භක මුල් ගුරුතුමා වන්නේ W.M.ප්‍රේමවංශ මහතාය. ආරම්භයේදී ගුරුවරුන් 4 දෙනෙකුගෙන් සමන්විතය.
සීමාසහිත පැල්වත්ත සීනි සමාගම ආරම්භයේ දී සමාගමේ සේවකයන්ගේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැපයිම සදහා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට අනුබද්ධිතව 1987.01.15 දින පැල්වත්ත එකෝෆාම් විදුහල නමින් ගුරු වැල්ලවාය මහඡන මන්ත්‍රි ජේ.ම්. ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ මූලිකත්වෙන් විවෘත කර ඇත. අප පාසලේ ආරම්භක විදුහල්පති A.W.ප්‍රේමවංශ මහතා වන අතර ඉන් අනතුරුව කරුණාසේන ,පී.බී. ගුණරත්න යන මහත්වරු එම තනතුර හෙබවුහ.






