මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ බුත්තල කොට්ඪාසයට අයත් පාසලක් වන මො/රන්ජන් විජේරත්න මහා විදුහල 1987.01.15 වන දින පැල්වත්ත සීනි සමාගමට අයත් ඉඩමක ආරම්භ කර ඇත. එහි ආරම්භක මුල් ගුරුතුමා වන්නේ W.M.ප්‍රේමවංශ මහතාය. ආරම්භයේදී ගුරුවරුන් 4 දෙනෙකුගෙන් සමන්විතය.
සීමාසහිත පැල්වත්ත සීනි සමාගම ආරම්භයේ දී සමාගමේ සේවකයන්ගේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැපයිම සදහා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට අනුබද්ධිතව 1987.01.15 දින පැල්වත්ත එකෝෆාම් විදුහල නමින් ගුරු වැල්ලවාය මහඡන මන්ත්‍රි ජේ.ම්. ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ මූලිකත්වෙන් විවෘත කර ඇත. අප පාසලේ ආරම්භක විදුහල්පති A.W.ප්‍රේමවංශ මහතා වන අතර ඉන් අනතුරුව කරුණාසේන ,පී.බී. ගුණරත්න යන මහත්වරු එම තනතුර හෙබවුහ.
එවකට පැල්වත්ත සීනි සමාගමේ හිටපු සභාපති රන්ජන් විජේරත්න මැතිතුමාට උපහාරයක් පිණිස 1994.01.25 දින අප පාසල මො/රන්ජන් විජේරත්න කනිටු විදුහල ලෙස නම් කර ඇත.මේ වන විට එය රන්ජන් විජේරත්න මහා විද්‍යාලයක් බවට පරිවර්තන කර ගෙන ඇත.
ආරම්බක අවස්ථාවේ පාසලේ තත්වය
- සිසුන් 42
- පන්ති 06
- ගුරුභවතුන් 03
වර්තමානය වන විට සිසුන් 746ක් පන්ති 35ක් හා ගුරුවරුන් 46ක් වර්ධනය වී ඇත. තවද පාසල ආරම්බයෙදි නොතිබු අංශ රාශියකින් අද වන විට පාසල පෝශනය වී ඇත. ඔසු උයන,බුදු මදුර,ළම උයන ,ක්‍රිඩා පිටිය,ආදර්ශ ගොවිපොල,ජීව කොටුව හා රූපිට අව දැව වර්ග වලින් උක්ත වී ඇත.අද වන විට භෞතික හා මනව සම්පත් වල ඉහල සංවර්දනයක් අද වන විට අත් කර ගෙන ඇත. වෑල්ලවය කලාපය තුල සාමානය පෙල,උසස් පෙල,ඉහල ප්‍රතිපල පෙන්වා ඇත.සමස්ත ලංකා සෞන්දර්‍රය හා ක්‍රිඩා තරග ජයග්‍රහනය ලබා ඇති අතර ඉදිරි සංවර්දන කටයුතු වල නිරත වෙමින් සිටිති.






